පන්සලට පුදදුන් පුතු
අපලයක් අත දරන් උපන් මා කිරිකැටි
පියා මලදා ඇසු වදන් බර වැඩි
කෙහෙවල්ල ගිනි යකුට බිලිවුදා ගෙදරදි
සසුන් ගත කරන මෙන් කීවා මා වැඩිහිටි
බුදුරදුගෙ දානයත් බැතිබරව සකසති
දෙවියන්ට අතු බඳින නෙරළු රුක රැකගති
පන්සලට පුදදුන්න පුතුගෙ අපලදෝ සකි
ඇබිත්තයෙක් පුතු සොරා සිඟමනේ යොදවා ඇති
පොලිසියෙන් පුතුගෙ ගැන නෙක කරුණු විමසද්දි
මවු සමග වසන්නට කැමති බව පවසද්දි
කියමි මම එක හඬින් මවු සෙනෙහෙ උතුරද්දි
පුතුනි යමු අපි ගෙදර මමම නුඹ රැකගනිමි
(සාමනේර හිමි නමක් රවටාගෙන ගොස් සිඟමනේ
යොදවලා යන පුවත ඇසුරෙනි)
Comments
Post a Comment