සරුංගලේ


පෙරුම් පුරා වෙහෙස දරා
කොල ඇලවූ සරුංගලේ
නෙත සනසා අහස අරා
පාවී ගිය සරුංගලේ
සුළං හමා නූල කඩා
ඈතට ගිය සරුංගලේ
සැකිල්ල ගෙන කොලේ ඉරා
හොරු ගත්තයි සරුංගලේ

Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය