පළිගැනීම
එදා හොඳින් හිරු පායා තිබුනු ලස්සන දවසක්
විය. මම මගේ ගුරුතුමියට ඉමහත් ලෙස ආදරය කලෙමි. ඉතින් කුමාර රචනයේ වැඩ ටික ඉක්මනින්ම
අහවර කර පොත පෙන්නීම සඳහා පෝලිමට එක් වූයෙමි. ඇය මට ලොකු හරියක් රතු පෑනෙන් සිංහල පැවරුම
වෙනුවෙන් ලබා දුන්නාය. විජයග්‍රාහි ලෙස මම පැමින සීරුවට මගේ සුදු ගවුමේ රැළි නොතැලෙන
ලෙස වාඩි වූයෙමි. මම එවකට හිටියේ
පළමුවෙනි පන්තියේයි. තරමක් සැර පරුෂ ගුරුතුමියක්වූ ඇය හතලිස් ගණනක්වූ කුඩා අප කෙසේ හෝ පරක් කර ගත්තාය. දඟකාර පිරිමි ළමුන්ද කටකාර
ගැහැණු ළමුන්ද ඇගේ කටටත් වේවැලටත් බයක් දැක්වීම කොහොමත් පුදුමයක් නොවේ.
ඊළඟට තිබුනේ ගණන් පාඩමයි. මට මතක හැටියට
අපිට තිබුනේ 1 - 500 තෙක් ඉලක්කම් ලිවීමයි. එකේ සිට සියයට ලිවීම කජු කන්නාසේය. එහෙත්
මම බොහෝ වෙලා කල්පනා කලේ එක සියය ලියන ආකාරයයි. මට හිතුනේ සියය, එක සියය සහ එකසිය එක
ලෙස ලිවිය යුතු බවයි. එහෙත් කෙසේ හෝ වැඩය පමාවී අවසන් කර පොත් පෙන්නන පෝළිමට නැවත එක්
වීමි. ඒ සමගම මගේ කන අසලින්ම වාගේ පොතක් එළියට විසිවී ගියේය. ඒ පමාවී සිංහල පාඩම ඉවර
කර පොත පෙන්වූ ඇගේ පොතයි. කොහොමත් ඇගේ අකුරු හකුරු වගේ බව ගුරුතුමිය කීප දවසකම කියනවා
මට මතකය. එසේම වාර ගණනක් මකන ලද ඇගේ පොත කලු පැහැගැන්ව අපිරිසිඳුව ගොස් ඇත. ගුරුතුමිය
ඇයට හොඳටම බැන්නේ හැමදාම වාගේමය. හැබැයි හිත උණු වුනේ මගේය. එසේම ම සිත ටිකෙන් ටික
කෝපය නැගී එන්නට විය.
මට හිතුනේ එය හරිම අසාධාරණ චෝදනාවක් බවයි.
ඉතින් මට ගුරුතුමියගෙන් පළි ගැනීමට සිතුනි. ගුරුතුමිය මාගේ අකුරු හඳුනයි. මට මගේ තරහව
පිට කල හැකි ක්‍රමයක් සිතන්නට විය. මා කලේ
පෝළිමේ ඉන්නා අතරම මගේ වමතින් "ටීච වසයි" කියා ලිවීමයි. හරියටම කළු ළෑල්ල
යටින් මෙය ලියා තැබුවෙමි. අනිවාර්යයෙන්ම ගුරුතුමිය මෙය දකිනු ඇත. ඉන් පසු පෝළිමේ අන්
අය පසු පසින් ගොස් මගේ වැඩයට හරි වැරදි ලබා ගතිමි.
අනතුරුව තිබුනේ ආගම පාඩමයි. කළු ලෑල්ලේ යමක්
ලියූ ගුරුතුමිය පහළින් පහළට ලියා ඇවිත් එක්වර නැවතුනාය. ඇය මා ලියූ ටීචර් වසයි යන්න
කියවා කවුරු කලාදැයි ඇසුවාය, පන්තියම මීයට පිම්බාක් මෙනි. කිසිවෙකු අත උත්තර නැත. කෙසේවත්
ඇයට මෙය ලිව්වේ කවුරු දැයි සොයා ගත නොහැකි විය. මට මතක හැටියට අනේ අනේ මම වසයි කියලා
මෙහෙම කිව්වට මම මෙහෙම ඉගැන්නුවේ නැත්තම් බලන්න තුබුනා මේ ළමයි කොහොම විභාග පාස් වෙයි
ද කියලා වැනි දෙයක් ඇය කීවාය. ඉන් පසුව කවදාවත් මට වෙනදා මෙන් ගුරුතුමියට ආදරය කරන්නට
බැරි විය. එහෙත් කාලයකට පසු මම පොදුවේ මට හමුවුනු ගුරුවරුන් සහ ගුරුවරියන් වෙනුවෙන්
පහත කවි පද සිත්තම් කර තැබුවෙමි.
අපැහැදිළි අකුරු කැත
ඉඳහිට කරන දඟ වැඩ
සංයමයෙන් ඉවසාන
නුඹ දිරි දුන්නේ දුර යන්න
ජය නිතරම ලබමින්
විදු දැණුම පතුරමින්
ගරු සරු ලබමින්
යළිත් මම පාසල් ඇවිත්
කරුණාබර දෙනෙත
දයාබර ඔබෙ කටහඬ
අමතක නැහැනෙ මට
පන්තියෙ ඔබ පෑව සෙනෙහස
අසාධාරණයට ලක්වූ මගේ පන්තියේ ගැහැණු ළමයා
දෙවෙනි වර අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියා සමත්ව කළා විෂයන් හදාරා විශ්ව විද්‍යාලයට
ඇතුලත්ව උපාධිදාරී ගුරුවරියක් වූවාය.
මට අද හිතෙන්නේ ඇයට ඩිස්ග්‍රාෆියා (dysgraphia)
තත්වයක් තිබුනා විය හැකිය. මූලාශ්‍ර අනුව මෙය ලිවීමේ භෞතික ක්‍රියාවලියට අදාළ ගැටලුවකි.
ළමයින්ට තම අදහස් ලිඛිතව ප්‍රකාශ කිරීම අපහසු විය හැකිය.
ඔවුනට පහත ලක්ෂණ තිබිය හැකිය.
·
අපැහැදිලි
අත් අකුරු
·
මන්දගාමී,
වෙහෙසකර ලිවීම
·
මුද්‍රිත
සහ ඇල අකුරු මිශ්‍ර කිරීම
·
අමුතු ලෙස
අකුරු සහ වචන අතර පරතරය තැබීම
·
දුර්වල අක්ෂර
වින්‍යාසය සහ ව්‍යාකරණ
·
පැන්සලක්
අල්ලා ගැනීමේ අපහසුතාව
·
වැරදි විරාම
ලකුණු
·
ධාවන වාක්‍ය
සහ ඡේද බිඳීම් නොමැතිකම
විය හැකි චිත්තවේගීය හා සමාජීය බලපෑම පහත
නම් වැරදිවලින් පිරුණු, අවුල් සහගත ලෙස ලියන ලද වැඩ කටයුතු නිසා, තමන් "කම්මැලි"
හෝ "අවධානයෙන් තොරව වැඩ කරන" අයෙකු ලෙස අන් අය පවසන දේ දරුවන්ට අසන්නට සිදුවිය
හැකිය. පාසලේදී ඇතිවන ව්‍යාකූලත්වය හෝ කලකිරීම ඔවුන් තුළ කාංසාව ඇති කළ හැකිය. එමෙන්ම,
ඔවුන් අවදානම් ගැනීමට මැලි විය හැකි අතර ඔවුන්ගේ ආත්ම-විශ්වාසය ද අඩු විය හැකිය.
දෙමාපියන් ලෙස දරුවාගේ ශක්තීන් සහ දුර්වලතා
හඳුනාගැනීම තමයි ප්‍රධානම දේ වෙන්නෙ. ඉන්පසු සහකම්පනයෙන් යුතුව සෙනෙහසින් දරුවාව භාරගැනීමත්,
විෂයට අදාළ වෘත්තිය සහය ලබා ගැනීමත් අවැසිය.
එවැනි දරුවන් සමඟ කටයුතු කරන යමෙක් ඇතොත්
අන්තර්ජාලයෙන් ලබා ගත් පහත සහය ලබා ගැනීම් තරමක් දුරට උදව්වක් වෙයි කියලා හිතෙනවා.
ස්පර්ශ ලිවීම පුහුණු කිරීම: ක්‍රීම් වැනි
ද්‍රව්‍යයක් උදව්වෙන් අකුරු ලුහුබැඳීම, තෙත් වැලි, හෝ මැටි වලින් අකුරු ලණු හැඩගැන්වීම
වැනි විනෝදජනක සංවේදී ක්‍රියාකාරකම් උත්සාහ කිරීම.
පළමුව විශාල ලෙස ලියන්න: අකුරු හැඩතල සඳහා
මතකයට උපකාර කිරීම සඳහා බිත්තියක් හෝ සුදු පුවරුවක් වැනි සිරස් මතුපිට මත විශාල අත්
සහ අත් චලනයන් භාවිතා කිරීම.
ලිවීමට පෙර එය කතා කරන්න: ඔබේ දරුවාට ඔවුන්ගේ
අදහස් හරහා කතා කිරීමට හෝ කඩදාසි මත තැබීමට උත්සාහ කිරීමට පෙර ඔවුන්ගේ සිතුවිලි ශබ්ද
නඟා පටිගත කිරීමට ඉඩ දෙන්න.
අත් උණුසුම් කිරීම් කරන්න: ඔබේ දරුවාට ඔවුන්ගේ
දෑත් සොලවා, ඇඟිලි චලනය කිරීමෙන් හෝ ආතති බෝලයක් මිරිකීමෙන් මාංශ පේශි ආතතිය සමනය කිරීමට
උදව් කරන්න.
Ref: https://www.understood.org/en/articles/the-difference-between-dysgraphia-and-dyslexia
https://abilitycentral.org/article/dysgraphia-children-and-adults-signs-symptoms-and-treatments
Comments
Post a Comment