එය අතුල් පහරක්

එය අතුල් පහරක්
නැත.. ඔබට නොව
මටම කරගත්
එය බරපතල දඬුවමක්

වැලට බර නැත
වැලේ ඵල නම්

තියුණු හී සැර
සවන කොනහන
හිත් බිඳිමේ
අරුම පවසන

නුඹට පමණක්
ඇරුණ හදවත
නෙතඟ කඳුලක
සිහිල දැනුනම

කෝපාවිශ්ඨ හඬ
නොමැති පාලන
බලය මගෙ දැන්
විගස ගිලිහෙන

යලිත්  සුරතට
ගන්න සිදුවන
නැවත එන්නට
යලිත් නොපතන

අඳුරු මොහොතක
මටත් නොදැනිම
ඔබේ මුව මත
පතිත කරවූ

සිහියෙන් දැන මා
එල්ල නොකෙරූ
එය අතුල් පහරක්



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්