මිතුරියන්
සඳකඩ පහණක
මටසිළිටු කැටයම් සේ
කොතරම් සොඳුරු ද ඔබ
පහණ දෘඪ යම් සේද
අප මිතු දම ද එසේමය
කාලයේ වැලිතලා අතර
සෙමෙන් සෙමෙන් වැලල
දසුන් හසුන් නැතිවුනත්
අවැසි මොහොතක
මහෝඝයක්ව රිදුම් තැළුම්
සුභාවිත වදනින් සැනහූ
මම මා මෙන් දකින
ඔබ මට අනගියි
සඳකඩ පහණක
මටසිළිටු කැටයම් සේ
කොතරම් සොඳුරු ද ඔබ
පහණ දෘඪ යම් සේද
අප මිතු දම ද එසේමය
කාලයේ වැලිතලා අතර
සෙමෙන් සෙමෙන් වැලල
දසුන් හසුන් නැතිවුනත්
අවැසි මොහොතක
මහෝඝයක්ව රිදුම් තැළුම්
සුභාවිත වදනින් සැනහූ
මම මා මෙන් දකින
ඔබ මට අනගියි
Comments
Post a Comment