මදුරු තුඩකින් කරන විදුමත්

හීන් රිදුමක් ගතට දනවන

එන්නතෙහි තුඩ මතක් කරනට

භීතියක් ඇත මනස සැඟවුන

ලොවම කළඹන වසංගතයට

කොවිඩ් යනුවෙන් නම් තබන ලද

සොයා ගෙන ඇත එන්නතක් නම්

බලය බිඳිනට ප්‍රතිශක්ති තිර කර


රූප පෙට්ටිය තතු කියන විට

බලා ඉන්නෙමු මුව විවර කොට

බලය නම් වන තොරතුරෙන් නිති

සුපෝෂිත වන්නටම දින දින

මෑතකදි සිට කොවිඩ් තොරතුරු

රූප පෙට්ටිය විකාශය වන කල

අදිමදිම කරනවා දෙනෙත් ඒ දෙස

යොමු කරන්නට කිම කියන්නද


එන්නත් වදන කියවන කල දමන අනේ

රූපරාමු පෙළ පෙන්වන්නෙම අනේ

මෝල් ගස් තරම් ඉඳිකටු තුඩෙන් අනේ

විදින හැටියි රට රට වල හැමවිටම අනේ


එන්නත් විදින විට වේදනා ගෙන දෙනවා

එනමුත් දිවි රකිනට ඒවා අවැසිම වෙනවා

සමීප රූපරාමු අඩු කලහොත් පින් සිදු වෙනවා

හෙටම මමත් එන්නත විද ගැනුමට යනවා


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්