සහකම්පනය අවැසිය

ළදරුවන් දරුවන්ව
ශිෂ්‍යයන් වී දිනෙක
තනයි රට පුරවැසිව
දෙමාපිය සෙනෙහසක
දැවටෙමින් නිරතුරුව
සුරතල්වූ පුතා දුව
සිප් හලට යා යුතුය
ගුණ ණැනෙන් පිරී ගිය
පුරවැසියො තනන්නට
මනු දමෙන් සිත් පිරුණු
ගුරුවරුන් අවැසිමය

අසනීප දරු පැටව්
උරයේ හොවා හැම කලම
මා පියන් දුව යන්නෙ
ළඟම රෝහල් වෙතය
රටේ දන මුදල් වල
අරුත් මේ යැයි කියන
වෙද හෙද දනන් තුල
සහකම්පනය තිබිය යුතුමය

ලොව හැම දන සතුව
මනු දම් තිබිය යුතු වුව
වෙසෙසින් ගුරු හෙද වෙද
දරුවන් හා රැඳෙන කල
වෙසෙසින් උන් රැක්ම අවැසිය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්