ප්‍රඥාව සැඟව තිබුනා

බිජුවට බඩවත සඟවාන
මුවින් හොඳම කිව්වාට
කිල්ලෝටවල හුනු ටික ටික
තිබුනා ඔය සුදනන් මඩිස්සල

හිතුනු දේ මා කිව්වාම
ඒ අය නොකියා හිටියාම
නුගුන පෙනුනු මගේ නිසාවෙන
අම්මා කීවේ මා මෝඩයෙක් බව

උගත් කම් මත නොපිහිටා
කූඨ නීතිය යොදවා
සොයුරු සොයුරියන් දිනු නිසා
මා ප්‍රඥාව සැඟව තිබුනාදැයි විටක සිතුනා

හැත්තෑවෙනි විය අගිස්සේ
අවඥා වදන් වස්සන නැගනියේ
ජීවිතය පිනි බිඳකි උදා හිරු එළියේ
නුවණැත්තන් හා මුග්ධයන් එක සරියේ
තුරන් වෙයි මොලොවින්
නොදැනිමි ඒ කී වෙනි පැයේ

සෙනෙහසම වපුරා
කපාගමු අස්වැන්න සිත් සතුට දරා
ඔබයි ඉතින් හපනා
පිසදා තෙත් නෙත් කියමි ඉඳුරා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්