සුබ නත්තලක් වේවා

මාංශගතවූ දෙවි සමිඳාණන්
ජීවත්වෙමින් උගැන්වූ ප්‍රේමයේ පාඩම අමතකකර
මිනිස් නොපනත්කම් නිසාම
සොබා දම් මාතාවත් කැරළි කොළාහල  කරන
සමානාත්මතා සමගිය සාමය වචනාර්ථයේ පවතින
ශාරිරිකව හා මානසික හිංසනයේ හිතවතුන් ගිල්වන
සුගතිය නිරය පරිකල්පිත යථාර්තයකැයි සිතන
නොමියයන්නන් ලෙස තාරුණ්‍යයේ වැජඹෙන්නටම සිතන
කලියුගයේ
නත්තල අරුත්බරව සමරන්නට
දෙවි පිහිට ඔබටත් මටත් ලැබේවා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්