Posts

Showing posts from October, 2019

දේදුණු මවනායුරු

Image
රිවි කිරණ මනාව වැටී දිදුළන මදහස් පහසක් අකාළයේ අකීකරුව කොපුලත ගලා ගිය සඟවාගත යුතුව තිබූ කඳුළු කැටයකින් දේදුණු මවනායුරු අසරණව බලා සිටි හදවත කම්පාවෙන් කළඹා නිහඬ කරවිය

සඳ කිඳුරු වියෝ විය අකල්ලේ

සතුට සෙනෙහස පිරි කැදැල්ලේ තිබූ අගහිඟ ඔහෙ නිදැල්ලේ වසා ගෙන ගෙවූ දිවි සඳැල්ලේ සඳ කිඳුරු වියෝ විය අකල්ලේ පුංචි දරු කැටියන් තුරුළු කර සිතා සිටියත් දිවි ගෙවන්නට කෲර රුදු සළු පැළඳි නෙක දන රිරී මස ඉල්ලුවාදැයි සැක කුසගින්න ඉවසා ගන්න බැරි තැන එකම විසඳුම සිතී මරණය වියවුලෙන් ලිඳට පනී ඈ දරු ගෙන වැරදි සොයනට කවුරුන්ද අපි අද කුරුරු දෛවය ඇය ඉතුරු කර නසාලූවේ දරුවන් පමණය දැවෙයි දැන් ඈ අවීචි නිරයක සිපිරි ගෙය වෙයි ඇගේ උරුමය (පුවත් පතක කියවූ සිදුවීමක් ඇසුරෙනි )

දොර කවුළු වසා

Image
සුසුදු නිහඬතාවය නොකියා කියන්නේ ඉතා දිගු කතාවයි සඟවා තබාගත් සිත පතුල කලක සිට දුටුවත් නුදුටුවත් වසා දොර කවුළු ගෙවී ඇත සියවස් කල්