සඳ කිඳුරු වියෝ විය අකල්ලේ

සතුට සෙනෙහස පිරි කැදැල්ලේ
තිබූ අගහිඟ ඔහෙ නිදැල්ලේ
වසා ගෙන ගෙවූ දිවි සඳැල්ලේ
සඳ කිඳුරු වියෝ විය අකල්ලේ

පුංචි දරු කැටියන් තුරුළු කර
සිතා සිටියත් දිවි ගෙවන්නට
කෲර රුදු සළු පැළඳි නෙක දන
රිරී මස ඉල්ලුවාදැයි සැක

කුසගින්න ඉවසා ගන්න බැරි තැන
එකම විසඳුම සිතී මරණය
වියවුලෙන් ලිඳට පනී ඈ දරු ගෙන
වැරදි සොයනට කවුරුන්ද අපි අද

කුරුරු දෛවය ඇය ඉතුරු කර
නසාලූවේ දරුවන් පමණය
දැවෙයි දැන් ඈ අවීචි නිරයක
සිපිරි ගෙය වෙයි ඇගේ උරුමය

(පුවත් පතක කියවූ සිදුවීමක් ඇසුරෙනි )

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි