පින්



කප්පරක් කිරි කල දරාගෙන
පිය නගා දුර සැතපුම් ගනන්
කිරි කඳුළකට රහසින් හඬනු කිම
කොපුල් තල නොතෙමෙන ලෙසින්

කතර පිපි මල් උදාරම් ලෙස
පපුතුරේ රඳවන්න අයිතිය නැති වුවන්
කැලේ පිලේ අත හැර ගොසින් ඇත
උයන් පල්ලන් රැකවරණෙට අරන්

පාලක පන්තිය වෙන් කර තිබුනත්
ප්‍රතිපාදන නම් මදි තරම්
සම්මාදමක් කෙරුවොත් සිතේ සතුටින්
පිරෙයි පින් පොත් පිටු ගණන්

බත් උලක් නැති සුවහසක් උන්
පොලෝ තලයේ ඇත තවත්
පුරවන්න හැකිනම් ඉඳහිටක බඩ උන්
තවත් පින්කම් මොකටද සිතන්

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්