Posts

Showing posts from September, 2019

ක්‍රීඩා තරඟ හා ළමා හිංසනය

Image
අපි ළමා හිංසනය ගැන කතා කරමු. පරුෂ වචන භාවිත නොකරන ලෙස වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිමු. නමුත් වැඩිහිටියන් ඉදිරියේදීම ළමුන්ට පරුෂ වචනයෙන් කතා කරමින් ඔවුන් දිරි ගන්වනවායයි සිතන වැඩිහිටියන් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට කරන හානිය පිළිබඳව නොසිතනවා විය හැකියයි සිතුනු දින කිහිපයක් අත් විඳි නිසා මේ සටහන ලියනු කැමැත්තෙමි. මගේ දරුවන් සතර දෙනාම විදුහල නියෝජනය කරමින් රගර් ක්‍රිඩා කරති. එබැවින් ක්‍රීඩාව පිළිබඳ ඔවුන්ගෙන් හදාරමින් ඔවුන්  දිරි ගන්වනු වස් ක්‍රීඩා තරඟ නැරඹීමට යාම මෑත පසුගිය වසර කිහිපය තුල සිදු කෙරුවෙමි. වයස 12න් පහල රිස්ට්බරි සුපිරි 16 තරඟාවලිය සති අන්තවල පැවැත්වින. අප දෙමාපියන්ගේ ශෝකයටත් සන්ත්‍රාසයටත් හේතු වෙමින් ඉතා දුර බැහැර පලාතක පුහුණු කරුවෙකු තරඟ අතරදී පරුෂ වචන භාවිතා කරමින් දරුවන් ජයග්‍රහණය කරා තල්ලු කරනු බලා සිටිනන්ට සිදුවිය. අප අතර කිහිප දෙනෙකු එය නිර්ලජ්ජිත ක්‍රියාවකැයි හඬ නැගෙනසේ කියා සිටි නිසා දෝ ඔහු ගේ හඬ ඊළඟ තරඟ වලදී බාල වී තිබුනි. නැවතත් පසු ගිය සතියේ ඉරිදා ද වෙනත් දිවයිනේ නමගිය කොළඹින් පිට පාසලක පුහුණුකරුවෙකු එසේම ක්‍රීඩකයන්ට කතා කරනු අසන්නට ලැබින. දරුවන් අනුගමනය කරන්නට...

නිවා ගිනි පැලයක් වවමු

Image
ඇවිල ඇති ගිනි නිවා ලන්නට සිසිල් දිය දහරක් සොයා ළතවෙමි සිසාරා ඉම රුදුරු මරු කතරක් සිහිළ සළසන සෙවන සපිරුණු හරිත තුරු සෙවනක් කොහෙ සොයන්නද මිනිසුනේ හෙට නොවැවුවොත් පැලයක්

නිහඬ පෙම

නැත කිසිදිනක වදනින් ආදරෙයි මා කියා සිත පතුලෙ සංවේදනා සඟවා කටයුතු කලා ඉගෙනීම ජීවිතයමයැයි ඔවා දුනි දිවි පුරා අවවාද අනුශාසනා මතක කඩ ඉම් පනින්නට ඉණි මං වුනා විදුලි පංකා නැති යුගය පවන් සලමින් රැයේ සිසිල වත තවරලා නිදි කුමරි තුරුල්ලට අතගා හිස පා කලා මුණුපුරන් තතු නිතර උදම් අනමින් කියා ඔවුන් හා එක රැලේ සෙල්ලමින් ගත කලා නොකියාම රාත්‍රියක ම පියාණන් අප හැරගියා සිත තුටු මතක වැරෙන් අල්ලා දරා පස් පිඩක් ඔබ වෙතට සොවින් මා විසිකලා

Vidura College Rugby - u12 Ritzbury Super 16 photos

Image