නිහඬ පෙම

නැත කිසිදිනක වදනින්
ආදරෙයි මා කියා
සිත පතුලෙ සංවේදනා
සඟවා කටයුතු කලා
ඉගෙනීම ජීවිතයමයැයි
ඔවා දුනි දිවි පුරා
අවවාද අනුශාසනා මතක
කඩ ඉම් පනින්නට ඉණි මං වුනා
විදුලි පංකා නැති යුගය
පවන් සලමින් රැයේ
සිසිල වත තවරලා
නිදි කුමරි තුරුල්ලට
අතගා හිස පා කලා
මුණුපුරන් තතු නිතර
උදම් අනමින් කියා
ඔවුන් හා එක රැලේ
සෙල්ලමින් ගත කලා
නොකියාම රාත්‍රියක
ම පියාණන් අප හැරගියා
සිත තුටු මතක වැරෙන් අල්ලා දරා
පස් පිඩක් ඔබ වෙතට
සොවින් මා විසිකලා

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි