ක්‍රීඩා තරඟ හා ළමා හිංසනය



අපි ළමා හිංසනය ගැන කතා කරමු. පරුෂ වචන භාවිත නොකරන ලෙස වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිමු. නමුත් වැඩිහිටියන් ඉදිරියේදීම ළමුන්ට පරුෂ වචනයෙන් කතා කරමින් ඔවුන් දිරි ගන්වනවායයි සිතන වැඩිහිටියන් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට කරන හානිය පිළිබඳව නොසිතනවා විය හැකියයි සිතුනු දින කිහිපයක් අත් විඳි නිසා මේ සටහන ලියනු කැමැත්තෙමි.
මගේ දරුවන් සතර දෙනාම විදුහල නියෝජනය කරමින් රගර් ක්‍රිඩා කරති. එබැවින් ක්‍රීඩාව පිළිබඳ ඔවුන්ගෙන් හදාරමින් ඔවුන්  දිරි ගන්වනු වස් ක්‍රීඩා තරඟ නැරඹීමට යාම මෑත පසුගිය වසර කිහිපය තුල සිදු කෙරුවෙමි.
වයස 12න් පහල රිස්ට්බරි සුපිරි 16 තරඟාවලිය සති අන්තවල පැවැත්වින. අප දෙමාපියන්ගේ ශෝකයටත් සන්ත්‍රාසයටත් හේතු වෙමින් ඉතා දුර බැහැර පලාතක පුහුණු කරුවෙකු තරඟ අතරදී පරුෂ වචන භාවිතා කරමින් දරුවන් ජයග්‍රහණය කරා තල්ලු කරනු බලා සිටිනන්ට සිදුවිය. අප අතර කිහිප දෙනෙකු එය නිර්ලජ්ජිත ක්‍රියාවකැයි හඬ නැගෙනසේ කියා සිටි නිසා දෝ ඔහු ගේ හඬ ඊළඟ තරඟ වලදී බාල වී තිබුනි.
නැවතත් පසු ගිය සතියේ ඉරිදා ද වෙනත් දිවයිනේ නමගිය කොළඹින් පිට පාසලක පුහුණුකරුවෙකු එසේම ක්‍රීඩකයන්ට කතා කරනු අසන්නට ලැබින.
දරුවන් අනුගමනය කරන්නට කැමති තමන් ගරු කරන චරිතය. නව යෞවනය එළිපත්තේ සිටින දරුවන් ක්‍රීඩා සඳහා දැඩි කැමැත්තක් දක්වන අතර තම ගුරුවරයා දේවත්වයෙන් සළකනු දැකිය හැකිය.
පිරිමි ළමුන් මෙසේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණීය කිරීම කෙසේ දකිනු රිසි වේද. දිනක ඔවුන් එසේම ඔවුන්ගේ දරුවන්ට ආමණ්ත්‍රණය කරනු ඇත. ප්‍රචණ්ඩත්වය, පරුෂ වචන සාමාන්‍යකරණීයවූ සමාජයක් නිර්මාණය කිරීමට අප දායක විය යුතුද?

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි