අකාල මරණයකට අත වනනවා

පුංචි පුතු පය පෙරට තබනවා
පෙර පාසලම ජීවිතය කියනවා
කමිසයේ පුතු සුවඳ රැඳෙනවා
දිවා කල තනිය මගෙ මකනවා

දුඹුරු මඩ පැහැය වත රැඳෙනවා
දාඩියෙන් වත නිතර තෙමෙනවා
පුතු සුවඳ තවම මට දැනෙනවා
සෙනෙහසින් පපු කුහර පිරෙනවා

එකින් එක උපන් දින ගනිනවා
මහ මිනිහෙකැයි මම කියනවා
කිරි සුවඳ කමිසයේ මැකෙනවා
දුම් සුවඳ එහි තැවරි තියනවා

පියානන් මතකයට නැගෙනවා
දුමෙන් ඔහු ජීවිතය වැසෙනවා
ඔහුගෙ හැඩ මා පුතුත් දරනවා
අකාල මරණයකට අත වනනවා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්