පරිසර හිතැති දෙබස්




අම්මට තාත්තට බත් ගෙනියන්නට
පෙට්ටි දෙකක් ගත්තොත් නේද හොඳ
දවසින් දවසට කෑමට එක එක
බත් කොල දැන් ඕනෑ නැහැ ගෙදරට

ඒ අදහස නම් අනගියි පුතුනේ
මේ පොළොවත් මව් හා සමවන්නේ
පරිභෝජනයට අප ගන්නා දේ
දෙවරක් සිතා බලා කල යුතුවේ

කියන්න අම්මේ බටයක් කුමටද
බීම කටින් මට බොන්න නොහැකිවෙද
සිලි සිලි මලු හැම කඩයෙන් නොමගෙන
එක මල්ලක් ගෙදරින් ගෙනියන්නද

මගෙ පොඩි පුතුනේ ඔබ කියනා දේ
අද කාලෙට නම් හරියට ගැලපේ
මේ ලොව සම්පත් මතු පරපුරටත්
ඉතුරු කිරීමයි අප හැම යුතුකම

පරිසරයේ තියනා හැම සම්පත
අප හට පමණයි නොසිතා සැම දෙය
හෙට දින උපදින සත ගැන සිහිකර
පතුරමු හොඳ භාවිත ලොව දස අත

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්