චාන්දනියට

මතක මාවත සැරිසරද්දී
තාම මතකයි කැවිලි පිඟන්
අවුරුද්දට අපේ ගෙදරට
නත්තලට ඔබේ ගෙදරට
බෙදාගත්තේ හොඳ හිත විතරමයි

දිනෙන් දින ගෙවී
බෙදාගන්නට අපට
තවත් බොහෝ දෑ තිබුනා
මිතු දමත් සෙනෙහසත්
ඒ අතර තිබුනා
ඔබ දැනහිටියාද මන්දා

චාන්දනියට අහිමි ඉර මල
කාල කුහර සෑදුවාද සිත් තුල
තනිකඩ දිවි සොඳුරු විද
මග හැරුනු පැන ඇයගෙන් අසන්නට

අවසන ඇය දුටු දින අමතකය
මුව රැඳි සිනහව නොව අමතකමය
කාටත් උරුමවු මගට ඈ තරුණය
පතමි නිවන් සුව ඔබහට චාන්දනිය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්