කාළ(ය)කණ්නී

පියාසර කල යසට
විහඟ තටු සිඳ සොඳට
ඉගිල අහර සොයා
දිවි රැකගනු කියනු කුමටද
එකම තාලයකටම වුව
නේක රස බස් කියූ කල
කපා දිවඟ මුවින් ඇද
ගයනු හැකිදැයි අසනු කුමටද
දුවන්නට පෙර පුහුණුවක් ලෙස
බඩගා ඇවිද කෙටි අඩි තබමින
මඳ දුරක් ඇවිදිය යුතු බව
නොදැනීම හාස්‍යයට කාරණය
පොපියන දෙතොලතර
සිනහව සඟවාගෙන
දින දසුනෙ දින ගැන ගැන
කාලය කා දමමි යටහත් ලෙස

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka