තල්මසුන් සුරැකි දැරිය (Translation)



සමණලයකුවන දැළඹුවන්ගෙන්
රෑ අහස් තල නිවෙන දිලෙන කළාමැදිරියන්ගෙන්
ඉහළටම පණිනා තණකොලපෙත්තාගෙන්
ඇය දුටුවේ මේ සියල්ලෙන් පුදුමයක්මයි

ශ්වේත වර්ණ අස්ථි පංජරය පා මුල වැතිර
විශ්මයෙන් ඇළලී ඇය සිතන්නී
මේ දැවැන්ත සත්වයා දෙස බලා
කුමක් ඇය හට ඉගෙන ගන්නට ඇතිදැයි

වික්‍රමාන්විත ක්‍රියා ගැන පිටු පෙරළමින්
සුවිශාල ලෝකයේ කතා පොත් වල
සිතන්නී ඇය කෙසේ වේවිදෝ
නමක් නැති ඉසව් වෙත ගවේෂණ චාරිකා

කොහෙත්ම ගමන නැත පහසුවක්
ඇය කඳුළු බිඳු දූපත්වාසියෙකු වූයෙන්
ඒ නිසාමත් නොවේයි, ඇය ගැහැණු ළමයෙක්
ඒ නිසාමයි ඈ සොයා ගත් දෑ
බෙදා හදාගත හැකි නව දැණුම් කඳ
කෝටි ගානක් මිනිසුන් කීවේ ඇයට එහි අයිතියක් නැති බව

යාත්‍රාවන්හි පිත්තල ඔප දමමින්
අර්තාපල් වතුවල වෙහෙසකර වැඩ කරමින්
කිසිම දිනකටත් වඩා අපහසු දෑ කරන්නී ඇය
ඉතිරි කරගන්නට ඇතිතරම් මුදල් අරඹන්න වික්‍රමාන්විත ගමන
ඇය දැන සිටි යන්නට හැකි බව

ගැඹුරු නිල් සයුරු මත
කෙහෙරැළ් සුළඟ හා මුසුවන කල
ඇය යාත්‍රාකරන්නී දිගත පතල ලොව
නිරීක්ෂා කරමින්, ඉගෙන ගනිමින් සුවිශාල නිල් තල්මස් ගහන පීනා යන

ලොව නැත කිසිවිට ඔබට රිසි ලෙස
එය ඔබට විය යුතු නැත පසුබට වීමට කාරණ
පාදාගෙන ඔබේ මග, ඔබ සොයා යා යුතුයි වාසනාව ද
ඔබටම සත්‍යවාදිවී සොයන්න ඔබ වඩා කැමති දෙය
එවිට නොහැකි වේවි දෛවයටත් ඔබ නවතන්නට


Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි