රහස්

අඹර රිවි රද                               
පලා යාමෙන්
අඳුර සුමිතුරු
වැළඳගත්තෙන්
පිපෙන මදහස්
පියුම් සියපත්
සොබා දහමට
යළිඳු පිදුවෙම්
ඉඳහිටක වදුලක
ඔහේ පියඹන
නේක වර්ණෙන්
දසත දිදුළණ
පියාපත් නෙත්
රහස් පවසන
ලෝකයක තතු
කියා නොකියන

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka