දිනක් මම මස් ව්‍යාංජනයක් පිසිමින් සිටින විට (මම නොකෑවද නිවැසියන් කෑමති දෑ ආහාරයට ලබා දෙමි) මහා පූස් කෑ ගැහිල්ලකි. සම්බෝලියක් අඬයි. ඇය ගැබ්බරය. එතැන් සිට ඇය මගෙන් කෑම ලද්දාය. මේ කටයුතු හොරෙන් කිරීමට සිදුවූයේ සැවෝම ඉන්න පූසා මදි දැයි අසන නිසායි. ටුටුවාද ඇය වටා කරකැවෙමින් සිටි අතර ඇය කෙරෙහි සිතැති බව වටහා ගැනීමට අටුවා ටීකා අවැසි නොවීය. කිහිප දවසකට පසු මොර සූරන වරුසාවක, විදුලි බලයද නොමැති විටක, මම ටුටූ ට ආහාර ලබාදී පූසිය සෙව්වෙමි. ඇය පැමින මගේ දෙපා මත දැව්වෙටිමි යමක් කියයි. පසුව ඇය පසුපස් ගොස් කාරණය වටහා ගතිමි. අපේ වත්තේ මනාව වැඩුනු තෙබූ කොල ගාලකි ඒ මැද ඇය පැටවෙකු හෝ දෙදෙනෙකු බිහිකර ඇත. ආහාරයට ද ඇගේ ප්‍රියතාවක් නොවීය. මා නිවසට දුවගොස් මගේ බාලම පුතාට කතාකර රහසින් ගස් උඩින් රෙදි කඩක් රැඳවූයේ යම් පමනක ආවරනයක් ලබා දෙනු සඳහාය. පසුදින උදයේ ඇය තම දරු පැටවුන් තිදෙනෙකුත් සමඟ නිවසින් පිටත ආවරණ සහිත කොටසකට පැමින ඇත. ලබා දුන් ආහාර අනුභව කල අතර, මගේ සැමියා පැවසුවේ එදින දහවල ඇය ඔහු දෙපා වෙළෙමින් දැන් සිටින තැන පෙන්වමින් සිටි බවයි. ඒ එතැනට තම පැටවුන් ගෙන ආ හැකි දැයි අසන්නට මෙනි. අපි ඇය හට තම දරුවන් තබා ග...
Comments
Post a Comment