බන්ධන Get link Facebook X Pinterest Email Other Apps February 12, 2019 පෙනෙන නොපෙනෙන දැනෙන නොදැනෙන මානයන් හා නිබඳ ගැවසෙන ගොළු බිහිරි කත නෙත් පියාගෙන විඳින්නී රස කොවුල් කූජන මාර සේනා එළිපත්තෙ නිතරම බන්ධනය කල පංචස්කන්ධය වහන්තරා සඳ දුහුල් සේලය සිතත් අගුලු ලා යතුරු ගෙන ඇත Get link Facebook X Pinterest Email Other Apps Comments
හිඟමන් April 16, 2019 සුමුදු සියුමැලි පාද සිඹිමින් කිකිණි නද සිනහාම යදිමින් උකුළු යහනේ සැතප හිඳිමින් මවක කිරුළ ම හිස පැළඳවූ මගේ පුතු කොහේද අසමින් වැලපෙනා මව් සෙනෙහෙ විඳිනෙම් කඳුලක තෙත දෙනෙතකට නොදෙමින් ගිලන් හල් යහන් තලාවේ බිඳිති රුහිරය ගලන යාමයේ නොදකිනා දෙව් බඹුන් හමුවේ පුතේ නුඹ දිවි පමණි පැතුවේ අඳ බිහිරි හෝ දෑත් දෙපා හෝ තිබුනත් නැතුවත් ප්රාණය පමණයි පුතේ දෙවිඳුගෙන් හිඟමන් යැද්දේ Read more
පලා යමි January 01, 2019 පලා යමි අඳුරට කෑලි කැපිය හැකි ඒ සීතල අන්ධකාරයට එතී වෙලී සියොළඟ සඟවාලයී මා අසරණකම වේල් ගණන් අත හැර පානය කල ජල ගඟ මහවැලියටත් වඩා වැඩි බව කීවත් පිළිගන්නෙ කවුරුද සාපෙළ උසස් පෙළ සමත්වූවත් අන් සැම පරදා ඉහලින්ම යාචක දැරිය කිසිදාක සින්ඩරෙල්ලා වේවිද අප්පච්චිට දුන් රැකියාව දරු කැලතක බඩ පුරවන්න කොහොමවත් නොසෑහෙන බව දත් අම්මා සෙවුවේ දිග පලල කැළණි ගඟ ඔබේ පියා හා එකල රවුම් ගසද්දී තුන් රියේ නිල් පාට තාත්තා හිඟන මුදලාලි බව ඔබ නොදැන හිටි එකමයි සොඳ ළමිස්සියන් හැඩකාර නොගෙනම කරකාර නලවන දරු විසේකාර හැඩතල ඔබ පවුලේ ආර සැඟවී නොයෙක අකරතැබ්බෙන් බඩ වියත රැකෙයි මාගේ නැටුමෙන් උතුමණි සිතක් පහල වීමෙන් නවතයි ඔබ මා දිවිය හුස්ම ගැන්මෙන් මග නම් පැහැදිලියි මේ බලගතු සන්ධිස්ථානයයි ඔබ උරුමය රජකමයි සමුගන්න අවසරයි මා නාටිකාංගනාවක පමණයි Read more
Comments
Post a Comment