අනවැසියි හැඳිනීම් තහඩු

අවසන් හුස්ම
වා තලයට නිකුත් වූ දින මා
අනවශ්‍යයි මල් වඩම්
ගුණ ගායනා
කියන්න හොඳ නරක දැන්මම
ලී පොලිතින් භාවිතය කුමටද
කිලිටි නොකරම දහනයෙන් වායුව
රෙදි කඩක ඔතා
මිහිදන් කරන්න
පොළවේ පසටම මුසුව යන්නට
අනවැසියි හැඳිනීම් තහඩුත්
රැඳී තිබෙද්දෙන් මා දන සිත තුල

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka