අපුල

සමානාත්මතා අගයමි
සමසෙනෙහසට වැට නොබදිමි
දේදුනු කොඩිත් ඔසවමි
නමුත්
සුහද පිළිසඳරක 
යෙදෙන යම් මොහොතක
පිරිමි හෝ ගැහැනු නෙත
වත මතම නොමැතිව
උරස් කුහරය දෙස
හෙළන කෑදර බැලුම්
මට නම් අපුලමය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka