Posts

Showing posts from November, 2018

My Son

Still remember the days I dream How tiny the baby in the womb Then I fed him with my milk To the toddler gave hand to walk Carried to the bus protecting him Gave the seat near the glass Time flew tables turned The young boy today Waited till I got in the bus Let me sit near the glass sat beside me with no words Signaling how caring he is

අපුල

සමානාත්මතා අගයමි සමසෙනෙහසට වැට නොබදිමි දේදුනු කොඩිත් ඔසවමි නමුත් සුහද පිළිසඳරක  යෙදෙන යම් මොහොතක පිරිමි හෝ ගැහැනු නෙත වත මතම නොමැතිව උරස් කුහරය දෙස හෙළන කෑදර බැලුම් මට නම් අපුලමය

අනවැසියි හැඳිනීම් තහඩු

අවසන් හුස්ම වා තලයට නිකුත් වූ දින මා අනවශ්‍යයි මල් වඩම් ගුණ ගායනා කියන්න හොඳ නරක දැන්මම ලී පොලිතින් භාවිතය කුමටද කිලිටි නොකරම දහනයෙන් වායුව රෙදි කඩක ඔතා මිහිදන් කරන්න පොළවේ පසටම මුසුව යන්නට අනවැසියි හැඳිනීම් තහඩුත් රැඳී තිබෙද්දෙන් මා දන සිත තුල

Fate

Eliminating established systems  Destabilizing the harmony Wicked witch of the West Oppressed the old embrasing the young The mist of negative vibes Enveloped slowly and gradually With the voices of those who were oppressed Natural Law decided excommunication is needed As a compensation Proving the validity of Newtonian laws

අත හැරීම

අප සති අන්තයේ ක්‍රීඩා තරඟයක් නරඹමින් සිටියෙමු. එය කණ්ඩායම් ක්‍රීඩාවක්වූ අතර අප දරුවෝ ක්‍රීඩකයෝ විය. තනිව තීරණ ගැනීමේ හැකියාව ක්ෂණික තීරණ ගැනීමට යොමු නොවීම අපට පැහැදිළිව පෙනෙන්නට තිබුනු දුර්වලතා විය. සෑම විටම පාහේ දොළහෙන් පහල ක්‍රීඩකයන් පන්දුව අත දරමින් තම ක්‍රීඩා පුහුණු කරු ඊළඟ විධානය දෙනතුරු බලා සිටිනවා වැනි අයුරක් ක්‍රීඩාව පුරා අත්දැකි සිදුවීමක් විය. සමහර මා පියන් පැවසුවේ නිවසේද මෙවැනි ප්‍රවනතා පවතින බවයි. අපි කිහිප දෙනෙක් මෙයට කරුණු විමසන්නට වූයේ දරුවන් හදා වඩා ගැනීමට අත් පොත් අප කිසිවෙකු සතුව නොපවතින නිසාය. දරුවන් අත නොහැරීම මෙයට බලපාන ප්‍රධාන සාධකයක් බව මගේ දැක්ම විය. අපි අපේ දරුවන්ට දැඩිව ආදරය කරන්නෙමු. ඔවුන් උපත ලබන්නට පෙර සිටම ඔවුන්ගේ ලෝකය ගොඩ නගන අයුරු සිහින දකින්නෙමු. පුංචි රන් කුඹලෙක් මැටි ගුලි එකින් එක් ගෙන එමින් නිවස සාදා ආහාරයෙන් පුරවා බිජු හෙලා තවත් මැටි ගුලියකින් වසා දමන්නා සේ අපේ දරුවන්ද හිර කරන්නට උත්සාහ කරන්නේ අධික මා පිය සෙනෙහස නිසාම නිසා මිස වෙන කිසි හේතුවකට නොවේ යැයි සිතා සිටින්නෙමු. ජීවිතය පුරා අත්පත් කර ගැනීම් වලින් සතුටු වන අපට දරුවන් ද අප දේපළක් හා සමාන...