නෑ
සිතට හොරා
කියූ කථා යළි කියන්නෙ නෑ
නෙතට හොරා
පිපුන සිනා ආයෙත් පිපෙන්නෙ නෑ
ලොවට හොරා
කියූ කථා යළි කියන්නෙ නෑ
ඔබ සිටියත්
ඔතන බලා මම එන්නේ නෑ
ගැලූ කඳුළු
මගෙ දෙනෙතින් ඔබ දුටුවේ නෑ
දුටුවත් ඒ ගැන
සිතන්න ඔබට කාලේ නෑ
තිබුනත් කාලය
ඔබහට මාව මතක නෑ
පිපුනත් ඔබ
අන් මිදුලක මගෙ තරහක් නෑ
Comments
Post a Comment