පෙරමග බැලුම්


සඳුන් කපුරු දුම් අරගෙන
සමන් මල් දමක් දරමින
මිහිරි ගීත වැල් ගයමින
මම ඉමි පෙරමග බලමින

ශ්වේත වර්ණ සළු දවටා
අබරන කන කර නොදරා
සිනා මලක් අත දරලා
දොර ළඟ ඉමි තුටු සිතිනා

උළලේණී ගීත ගයයි
පොල්කිච්චා සිනා සලයි
බළල් හාමි රැඟුම් රඟයි
ඔහු ළඟ එන බව පවසයි

පියවර හඬ නෑසෙන ලෙස
හෙමි හෙමින් පා තබමින
පැමිණෙයි ම කුමරු හනික
මගේ ස්වයංවර උළෙලට


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්