සිහිනයක උරුමය
අන්සතු
සිහිනයක උරුමය මගේ කියා
පෙරුම් පුරා
ආවෙමි මම යොදුන් ගෙවා
හදලා මාලිගා
මම සුදු වෙරළ පුරා
සිතුවා හැමදා
රකින්නට දිවි තිබෙන තුරා
මගෙ සෙනෙහස
වළාකුලක් පුරා ලියා
පා කර එව්වෙමි
දවසක ඔබ දකී කියා
කලු කර අහස මහ
වැහි ඇද වැටිලා
මගේ සිහින
ගංවතුරේ ගලා ගියා
හද මල් සුවඳ
මද පවනේ පා කරලා
එව්වා දිනක ඔබ
සුසුමක රැඳෙන නියා
මාරුතය පැමිණ
ගම් දොර හැම නැතිකරලා
මගේ සිහින මා
සිත තුළ සිර කරලා
Comments
Post a Comment