ඇය සුරඟන රැජින
සිඟිති කැකුළ
අප මල් ලෝකෙට පිපුන
දුටු දින
නැගුනා මා නෙත තුටු කඳුළ
සුර ලොව
මෙලොවම මැවූ ඇය සුරඟන රැජින
බබලවයි දිවි,
මිණි පහනවී දිනෙන් දින
මුව පොඩියේ
සිනා මල් නිති පීදෙද්දී
සිත ගත විඩා
නිමුනා ඔබ හිනැහෙද්දී
පියවර එකින්
එක තියලා ඇවිදිද්දී
පිය සෙනෙහස
ඉතිරුනා තුරුළට ඔබ එද්දී
Comments
Post a Comment