සිසු වදන

නා දළු පරදවන
ලොවි පැහැ දෙතොල් යුග
කරුණා පෙරදැරි වදන්
ගඟ ගලා යන
දේදුන්නෙ පාට සම
සුළං රැල්ලට නටන
මුදු දුහුල් සාරි පොට
නෙක වර්ණ පිරි
දිගු නිය බබලන දෑත් යුග
සමග ගම සපැමිණි...
අලුත් ගුරුතුමියෙ ඔබ
වත්සුනු ගැල්වුනු
පියුම් සම වත මඬළ
අපේ අම්මලා හට
පාසලම අපුල කල

තැලූ පොල් ලෙලි නිසා
කහට පිරි නියපොතුද
සොද සෝදා අඳින
මල් මැකුණ මල් ගවුම
බුලත් කෙල රත වැදුනු
කහට රැඳි දත් පෙලද
සඟවාන ඔවුන් ගෙයි
එවයි පිය පාසලට
ගුරු දෙගුරු දින අපිට
තව එපා මාසිකව
තාත්තලා දන්නෙ නැත
අප කරන්නේ කිමද

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්