කොහේද උන්


විසල් රුක් අරක්ගත්
සැම කොහේ ගියාවද
සිතමි මම තනිවමම
එනවිට දියවන්නාව පසුකර
ආරවුල් ඉඳහිටක
තිබුනත් උන් අතර
නිදි සුව වින්දානෙ
බොහෝ දෙන හැම උදය
හිතුවක්කාර කොළු ගැටව්
පියාඹා යන අතර
හිරුට ඔච්චම් කර
මව් කිරි රසවිඳින
දරු පැටව් දිටිමි මම
අනේ අද කොහි ගොස්ද
දියවන්නා සිසිල විඳි
අපූරු වවුලන් රෑන


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්