තාලයේ සිරකාරිය


සයනයේ ඇතිරිලි අතර රඟන්නීය ඇය
සංසිදුවන්නට ඔහු දොළ
රඟයි ඇය තම රැඟුම
තෘප්තිමත් ඔහු වැළඳගන්නාතෙක් නිදිදෙව් දුව
අළුයම් යාමයේ යළිත් රඟන්නීය ඇය…..
යුහුසුළුව සරි කරයි
ඉනික්බිතිව ඇය ඔහු අහර
පමාව තහනම් ඇයට
දරුවන් යා යුතුයි සිප් හල වෙත කලට

තාලයේ සිරකාරියයි ඇය
තාලයේ සිරකාරියයි ඇය
ආලය නම් තාලයේ සදා සිරකාරියමවේ ඇය

වැඩබිමේ මිනිසුන් අතර රඟන්නීය ඇය
අතිකාල සේවයේ ඇය නිසා යෙදෙන්නට
නපුරු විය නොහැකිය ඇයට
එනිසා කියන්නී
මහතුනී මම යා යුතුය රාත්‍රියේ නිවසට අද

ගිනි උඳුන වෙත රඟන්නීය ඇය
නවයේ කනිසමට සරි කර බොජුන
හෝරාවකින් පමා බව කියයි ඔහු
අසමින් සිහිමදව වාගෙදැයි ඇය

යන්නට ඇගේ මග වෙහෙසවී වැඩ කරන්නීය ඇය
තුති පිදුමක් කිසිදා නොමදෙන මිනිසෙකුට
අපතේ ගියත් ඔහුට බැඳි ඈ හද සෙනෙහස
නැත නැවතුමක් ඇය හට කිසිකළ
බිඳ දමන්නට බැහැ ඔහු බැඳි යදම් මෙදියත
රඟයි ඔහු හා විරසකවද
සපථ කරමින් නැවත නොරඟන බව
තවමත් ඇය රඟයි අතනොහරින නිසා ඔහු
දිව්වත් ඇය දොරින් එපිටට

රඟන්නීය ඇය ජීවිතාශාව නිසාම
දැන් ඇගේම තාලයකට අනුව
අභිමානය සඟවා නගයි කෙඳිරිලි ඇය
අවැසි බව දන්නා නිසා ඇය
ඇගේ නිවසට....

මයිකල් ජැක්සන්ගේ “Slave to the Rhythm”  ගීතය ආශ්‍රයෙන්




Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්