අහිමි


සමුදුර තුළ කිමිදීලා
මුතු බෙල්ලන් රවටාලා
මුතු ඇටයක් මමත් ගෙනා
දිවි ඇයගෙන් එළිය වුනා

නෙත් පිය තුළ සඟවාලා
දුක් සුසුමින් මුදවාලා
සෙවණැලිසේ ළඟ රැඳිලා
ඈ රකිනට කැපවූවා

සඳපානේ ඈ වෙත ආ
ආගන්තුක කුමාරයා
මගේ ධනය හොර රහසෙම
ඔහු විමනට රැගෙන ගියා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්