මම නොවෙයි මම
කොන්ඩය කොට වැඩියි
ඔහු කීවේය
මම වරලස දිගු කළෙමි
කලිසම හොඳ කොල්ලන්ට
ඔහු කීවේය
මම සාය ගවුම් ඇඳිමි
නිතර කථා මට අරහං
ඔහු කීවේය
මම නිශ්ෂබ්ද වීමි
සිනා නොමසෙන් දසන් දක්වා
ඔහු කීවේය
මම කොක්සන් නොදීමි
හොඳ කෙල්ලො පණ්ඩිත නැහැ
ඔහු කීවේය
මම වාද නොකළෙමි
ප්‍රේමයේ හැටි එහෙමයි
මම සිතීමි…..
මම ඔයාට ආදරෙයි
ඔහු කීවේය
මම මදහස් පෑමි
මම නම් සත්ගුණවත් සුචරිතවාදියෙක් නොවේ
ඔහු කීවේය
මම මා නොවන බව මම නොකීමි
Comments
Post a Comment