මවක පැතුම


අප්පච්චියි මමයි ගියදා වෙදගෙදර
දුටුවා දූගෙ මොලකැටි වත අප දෙදෙන
දස මසක් නොවේ හැංඟී දහස් මස
දියණියේ හිටපන් මගෙ කුස තුළම

නෑදෑයෝ කවුරුත් නුඹට නැතී
අසල්වැසියො කවුරුන්දැයි විමසාවී
ගුරුගෙදරින් පිළිසරණක් නැති වේවී
දුවේ නුඹට උන් සැම දුක් ගෙන ඒවී

මගෙ දෝණී රන් සඳවන් වෙන්න එපා
කිංකිණි සිනා හැම අයටම පානු එපා
නාඳුනනා අය සමගින් වැඩි බජනෙ එපා
පරිස්සමින් සිටිනුය ලොව නපුරු නිසා

කුමාරයෙක් ඇත් අස් පිට පැමිනේවී
ඔබ අතගෙන විමානයට ගෙනයාවී
රන්වන් සෙනෙහසින් ඔබ හද පුරවාවී
එතෙක් ලොවේ සැඟවීයන් සීදේවී



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka