දෛවයේ සරදමක්


නෙත ගැටුනු ඇසිල්ලේ
මගේ සිත ඉගිල්ලේ
මතකයන් නිදැල්ලේ
සොඳුරු පාසල් වියේ

සිතටත් රහසක්ව කාලයක්
සැඟව තිබු ප්‍රේමයක්
ලොවට රහසක්ව කාලයක්
වින්ද මල් මතකයක්

දෛවයේ සරදමක්
අපේ මග පැති දෙකක්
සිතිජයම මිරිඟුවක්
ඒ දවස සිහිනයක්

සෙනෙහෙ සිත සඟවා
නගමු හසරැල් සැමදා
ඉඳහිටක වදනක් දොඩා
විඳගමු මල් සුවඳක් නොහඬා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්