වැලන්ටයින්
හන්දි ගානෙ අතන මෙතන රැඳි රැඳි උන් වැලන්ටයින්
පිරිත් ගෙදර, පින්කම් පොළ කාලෙ මරපු වැලන්ටයින්
පොත් ඇතුලේ සෙනෙහේ කොල සඟවා එවු වැලන්ටයින්
බෑ කියලා හා කියලා මගෙ හිත ගත් වැලන්ටයින්
උයන් තෙරේ සිනමා හළෙ උනුහුම හෙවු වැලන්ටයින්
තානායමෙ රොස මලේ රත සෙවුවයි වැලන්ටයින්
අනුජ පුතුගෙ උප්පැන්නෙට නම නොදුන්න වැලන්ටයින්
අල්ලපු ගම දෑවැද්දක් ගෙදර ගෙනා වැලන්ටයින්
බත් මිටකට සිඟා කාපු පුතුට බැන්න වැලන්ටයින්
තම පුතු හා හිමකිරමක රස බැලුවයි වැලන්ටයින්
මහ මගටම අප ඇද දැමු මගෙ ප්‍රේමය වැලන්ටයින්
අපෙත් ආයු ළැබ සියක් ආයු ලැබ වැජඹේවා වැලන්ටයින්
Comments
Post a Comment