ඇති නැති


නිල් තණ නිල්ල දිගේ
පන්දුව ඇදී යතේ
ඔල්වරසන් නාදේ
පිටිය පුරා පැතිරේ
දුප්පත් අම්මාගේ
පුතු අද විරුවෙක්වේ
කහට උගුර උදයේ
පමණයි කුස වැටුනේ
ශතක දෙකක් ලබලා
සිය පිළ දිනවාලා
බයිසිකලයෙ නැගිලා
යයි ඔහු නිවස බලා
ප්‍රීති නාදෙ පතුරා
ඔල්වරසන් දීලා
සැප රථයක නැගිලා
යාවි ඔහුගෙ මිතුරා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්