කිරි කඳුලු


පස්මහ බැලුම් නොබලා ඔබ මගේ කියා
නම මාසයක් මා සෙනෙහෙන් ඔබ රැකලා
පස් මාසයක් ඔබ රුහිරෙන් කුසගිනි නිමලා
ඇයි අම්මේ අද යකෙකුට මා බිලි දීලා

මපියාණන්ගෙ නොපනත් කම් සිහිවීද
පුතුට ඒ උරුමවේ යැයි නුඹ සිතුවාද
ඔබට අයිතිවුනු උරුමය නොලබන්න
මගේ දිවිය ඔබ අද මිල කළාවද

බිලිදී මා දිවිය නොපෙනෙන බහිරවයාට
නිධන් අරන් ඔබ හෙට ධනවත් වේද
මෙලොව ඔබට අනාගතය ඉදිරිය සරු වේද
අම්මේ මා බිලිදී ඔබ සැනසෙන්න


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්