ගුරුතුමිය වෙත


අපැහැදිළි අකුරු කැත
ඉඳහිට කරන දඟ වැඩ
සංයමයෙන් ඉවසාන
නුඹ දිරි දුන්නේ දුර යන්න

ජය නිතරම ලබමින්
විදු දැණුම පතුරමින්
ගරු සරු ලබමින්
යළිත් මම පාසල් ඇවිත්

කරුණාබර දෙනෙත
දයාබර ඔබෙ කටහඬ
අමතක නැහැනෙ මට
පළමු පන්තියෙ පෑව සෙනෙහස

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්