කටු


දූගේ මුවේ මැවේ නිතර සිනහා මල් ගොඩක්
මගේ සිතේ ඇනේ එකළ මහ කටු අකුලක්
මව් සෙනෙහස සුවඳ ඇතිව ඇවිත් මහ දුරක්
දූට තවම ඒ ගැන නම් නැහැනෙ කිසි වගක්

දස මස කුස දරා  දූ එනතුරු සිටියා
ලේ කිරි කර පොවා ඈ දරු සුරතල් බැලුවා
මා පිය කිරුළු පළදවගෙන අපි හැඩ බැලුවා
සුවඳ ළඟ තියා සුරලොව ඈ පියෑඹුවා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්