මගෙ සිනහව මටම දෙන්න


හිරු පායන්නට මත්තෙන්
අවදිවෙලා රස මසවුළු
ඔවුන් පතට බෙදා දෙන්න
දහසක් වැඩ කරනාතර
වෙහෙස මගේ අමතක කර
සතුටින් වදනක් කියන්න
රෑ තුන්යම නින්ද නේන
දිගු රැය ඔහෙ ගෙවී යන්න
කඳුළු මිතුරු තනි රකිනා
දෙනුවන් යුග බබළවන්න
මගෙන් සොරාගත් සිනහව
මා වෙතටම ගෙනත් දෙන්න

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්