සසරෙන් එතෙරට


රන් හූයෙන් අප දෑඟිලි බැඳුනේ
දිගු රැය තනි යහනෙම ගෙවුනේ
හෙලු සුසුමන් වා තලයේ රැඳුනේ
හිරු ඔච්චමටද මා දෙස බැලුවේ

මවු පිය සතුටට දීග ගෙනැල්ලා
ගිහි ගෙයි යුතුකම් නොම ඉටු කරලා
ගියාට කම් නැහැ ගිහි ගෙය හැරලා
නොම එමි මා ඔබ සරණක් යැදලා

පිරිකර දන් හැම පූජා කෙරුවා
එතෙරම වන්නැයි සසරෙන් පැතුවා
කඳුලක් නැතිවම මා සමු ගත්තා
සසර කතරෙ මුණ නොගැසෙමු පැතුවා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්