තවත් කතාවක්


දැන් කොහෙද ඔයා ඉන්නෙ
තාම බස් එකක් නැහැ
ඔන්න  දැන් නම් එනවා
ආවාද වැඩපොලට
අපොය් ඔව් රතු ඉරෙන් බේරුනා
කෑම දැන් කෑවාද
තාම නැහැ අනිත් අය එතැන ලොකු කතාවක්
මමත් දැන් යන්නේ කන්න
එපා යන්නට වැඩි බජනෙට
කියන්නේ ඔයාගේ හොඳට
වැටහුනා වැටහුනා එසේ ඉමි කිවු ලෙසම
ඇත අද වැව් මාලු
යසට බැදලා එහෙම
හොඳයි එන්නම් මම
මගේ බත් මුල රැගෙන
හවසටයි එකමුතුව
නඩේ හැම දෙන එනවා
වැහි කළු ආකාහේ මට මැවී පෙනෙනවා
කොහොමටත් අද බැරිය
උපන්දිනයක් තියෙනවා
බලමු වෙන දවසක
මගේ මුව දොඩනවා
දුටුවාද මදහසක් උපහාසයක් මුසුව
හිත මගේ අසනවා
ඔන්න දැන් බසය තුළ
පැයකින් ගෙදර මම
හත්දෙවියනේ ඇය
කැරකිලා ඇවිත් වැදුනෙ මගෙ කමිසයේ
තියලා නේද තොල් සළකුනක් උරහිසේ
අකුණු හෙන ගසාලා වැසි වසී අද දිනේ
වෙන්න වෙයි අවතැනුත් ගැලුවොත් ගඟ අනේ





Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්