පිය ආසිරි


ලේ කිරි කර පොවා නෑ මම මවු වාගේ
උකුලට අරන් නැළවූයේ පුතු මාගේ
ගඩා ගෙඩි රස දෑ ගෙනවිත් දී කාලේ
පුතුගෙ සිනහා බැලුවා මම පොඩිකාලේ

කැලෑ කොලේ රස බලලා කොලු කාලේ
සිප් කිරි රස දැනුනේ මට කරවිල සේ
ජීවන තක්සිලාවෙන් ලද දැණුමෙන් මාගේ
පුතු උගතෙකු කරනට මා ඔවදන් දුන්නේ

උපාධියේ එළියෙන් ගේ පිරුණු දිනේ
උසස් රැකියාවක ලියමන ගෙට ලැබුනු දිනේ
අමතක වුවත් ආසිරි ලබනට මගේ පුතේ
පතනෙමි සුභාසිරි කහටක් සිත නැතුව මගේ

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්