දේවතාවි


බත ඉදෙනකම් නොඉඳ
කිරි දරු පෙරටු කරගෙන
ලිං පත්ල මැන බලන මව්වරුන්
ගහේ ඵල ගසටමැයි කියමින් ගිජුව
තම ඵල තමාම බුදිනා පියවරුන්
මෙත්බර කුළුනුගුණ හදවතින් තුරන්කර
සුළු වරදකට දෙතිස් වද දෙන දිසාපාමොක්වරුන්
ජාතියේ මිල මුදල් මතින් ලොව ගොඩනගා
මව් බිමට වින කටින විද්වතුන්
සේවය කරමියි කියා මනාප අතට ගෙන
පරපුරම තර කරන දෙස්පලු ඒතුමන්
අතරින් පිය මැන ඇවිද යද්දී
නෙත සිත පහන් විය එක් ඇසිල්ලෙන්
දුටු නිසා මම….
අටහෝරාව නිමවා පා තබනාතර තම නිවහනට
සත්දරු සිවුපා මවකට දන් දුන් යුවතියක්
තුන් රියෙන් හැල්මේ දුවනාතර
මදක් ඉසිඹුගෙන පාලම යට මසුන්
කුස පුරවනා දේවතාවියක් වන් දුවක්


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්