රත්තරන් කථාවක්


දිලිහි දිලිහි මම
රන්බඩු සාප්පුවේ 
පුංචිම පුංචි නිසා
හිටියෙ හැංඟිලා
ඔබ ටික ටික ගෙවලා
සඳ මුහුණ හැඩකළ ආඩම්බරේ
කොහොම අමත කරන්නද?

වුනත්
නීති නෝනලා හරි සැරෙන්
ඉල්ලද්දි මාව ගාස්තුවේ හිලව්වට
වෙවුළන අතින් මාව ගලවාගත්තෙ
අසරණියක් විලසින්

මහේස්ත්රාත්තුමා වීරයෙක්වී
මාව ඔබටම ලබා දෙත්දී
ඔය දෙනෙතෙ කඳුළු බිඳු
ඉපදුනේ සතුටටම බව
හිතක් නැති
මටත් දැණුනා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්