සිතුවිලි


ලොකු අක්කා දවස් පහක් ගේ මුල්ලේ සැඟවිලාලු
ලෝකෙ ලොකුම හැඟිමුත්තම කරන්න ආසා වෙලාලු
රතිඥ්ඥා සද්දෙට අවදිව  බලද්දි ගෙදර ජය මඟුල්ලු
ලොක්කීගෙ ආඩම්බර අද මොණරෙකු හා සම වෙලාලු

කොක් හඬලා සිනහා නොවෙන් ලොක්කියෙ දැන් කියනවාලු
යන ගමනක් මල්ලි සමග යන්නට උපදෙස් ලැබේලු
පේර ගහට නගින්නෙපා දොස් පරොසින් කන පිරේලු
තහංචි මැද ලොකු අක්කා කඳුළු සුසුම් හෙලනවාලු

ලොකු පන්තියෙ අයියලා දැන් මගෙ මිතුරන් වෙලාලු
චොකලට් ටොපි මට දෙන්නට පොරකන අය ඉන්නවාලු
ඉඳහිට පොත් අක්කා හට ගෙන යන්නට කියනවාලු
අක්කා දැන් මට වැඩියෙන් සලකන බව පෙනෙනවාලු





Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්