සෙනෙහස

නැගෙන රළ ලෙස
බිඳෙන ඉපදෙන
සුසුම් පවනක
සෙමින් පාවෙන
කප්පරක බර
හදක සඟවන
මවක සුපැතුම
දුවක සතුටය
සැඟව හෙළනා
කඳුල දනිමින
මන්දහාසය
හදට ලං කර
තැලෙන පොඩිවෙන
හිත ළඟින් හිඳ
ඇයට සවියද
මවගෙ දිරියය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්